

සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ලබා දෙන්නේ නම් බස්නාහිර පළාතේ පාසල් ඉක්මනින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ ප්‍රාථමික ශ්‍රේණි සහ උසස් පෙළ සිසුන් වෙනුවෙන් සෞඛ්යාරක්ෂිත ක්‍රියාමාර්ග ඔස්සේ ලබන 15 වැනිදා පාසල් ආරම්භ කරන ලෙස තමන් වෙත පාර්ශව රැසකින් නිර්දේශ ලැබී ඇති බවයියි.
ඒ සඳහා අනුමැතිය ලබා දෙන්නැයි සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් ද සිදුකර තිබෙනවා.
ලබන මස පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් පසු බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කරන ලෙස තවත් ඉල්ලීම් හිමිව තිබෙනවා.
මේ දක්වා බස්නාහිර පලාතේ පාසල්වල විවෘත කර ඇත්තේ සාමාන්‍ය පෙළ පන්ති පමණයි.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83094
ආසාදිතයන්
78947
සුවය ලැබූ
3683
ප්‍රතිකාර ලබන
471