දිල්රුක්ෂි වික්‍රමසිංහට එරෙහිව විනය පරීක්ෂණයක්

ඇවන්ගාඩ් නඩුවේ විත්තිකරුවෙකු වන ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමග දුරකතන සංවාදයක යෙදීමෙන් වෘත්තිය ආචාර ධර්ම කඩ කළේ යැයි චෝදනා එල්ලවී ඇති සොලිස්ටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට එරෙහිව විධිමත් විමර්ශනයක් කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දී තිඛෙනවා.

ඒ අනුව දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය විසින් සොලිස්ටර් ජනරාල්වරිය ලෙස මෙතෙක් කළ රාජකාරි කටයුතු ආවරණය කිරීම සඳහා අතිරේක සොලිස්ටර් ජනරාල් සංජය රාජරත්න මහතා නීතිපතිවරයා විසින් තාවකාලිකව පත් කර ඇති බවයි වාර්තාවන්නේ.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish