මාස 11 ක ඛනිජ තෙල් බිල ගෙවා නැහැ / රුපියල බරපතල අවදානමක – පාඨලී කියයි

Sri Lanka

ඩොලරය හමුවේ රුපියල බරපතල කඩාවැටීමක් ආසන්නයේ පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
ෆේස් බුක් හී සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටියා.

(උපුටා ගැනීම )

මහ බැංකුවේ ඩොලර් සංචිත භයානක ලෙස ඇද වැටෙයි !

සියලු බැංකුවලට ඩොලර් වලින් ලබාදෙන ප්‍රේෂණ වලින් 10% ක් මහ බැංකුවට ලබාදෙන ලෙස නියෝගයක්.

2009 ඔක්තෝම්බර් මාසයෙන් පසු මහ බැංකුවේ අඩුම ඩොලර් සංචිතය දැන් වාර්තා වෙනවා. එයට හේතුව මේ වසරේ ගෙවීමට නියමිතව නොතිබුණත්, ඉන්දියාව විසින් පසුගියදා ඩොලර් හුවමාරුවක්, එහෙමත් නැත්නම් Currency Swap එකක් මඟින් අපට ලබාදුන් ඩොලර් මිලියන 400 ආපසු ගෙවීමට ලැබුණු බලකිරීම මත එම ඩොලර් 400 අපගේ සංචිත වලින් ගෙවීමට මහ බැංකුව ක්‍රියාකිරීමයි.

මේ අනුව එදා ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අපේ පාලන සමයේ ඉතා අපහසුවෙන් ගොඩනගන ලද ඩොලර් බිලියන 7.2 ක සංචිතය (2009 ඔක්තෝම්බර් මාසයෙන් පසු, එනම් යුද්ධයේ අවසාන වකවානුවෙන් පසු ඩොලර් බිලියන 05 ට වඩා අඩු වුණා) දැන් නැවතත් ඩොලර් බිලියන 05 ට වඩා අඩු ගණනකට ඇදවැටී ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ගවලින් පැවසෙනවා.

අපට මේ වසරේ ගෙවීමට ඇති මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 6.9 ක්. ඉන්දියාවට ගෙවිය යුතු ඩොලර් මිලියන 400 ත් එක්ක එය ඩොලර් බිලියන 7.3 ක්. ඩොලර් බිලියන 7.3 ක් ගෙවීමට අප අතැතිව ඇත්තේ ඩොලර් බිලියන හතරයි ගණනකි. මේ අනුව ශ්‍රී ලංකාව තවදුරටත් විදේශ අරමුදල් අර්බුදයක ගැටගැසී තිබෙනවා.

විශේෂයෙන්ම ආනයන සීමා කරමින්, සංවර්ධනය සඳහා අවශ්‍ය කරන භාණ්ඩ පවා සීමා කරමින්, මාස 11 ක ඛනිජ තෙල් බිල නොගෙවා සිටීමෙන්, (එතැන තියෙනවා ඩොලර් මිලියන 2600 ක්) තමයි මේ තත්ත්වය ළඟාකරගෙන තිබෙන්නේ. තව දුරටත් මේ තත්ත්වය පවත්වාගත හැකිද ? එසේ නැත්නම් කොටස් වෙළෙඳපොළට සිදුවූ ආකාරයටම රුපියල බිහිසුණු ආකාරයට ඉදිරි කාලයේ ඩොලරයට සාපේක්ෂව ඇද වැටීමට ඉඩ ඇති බවයි මෙයින් පෙනී යන්නේ.

රාජපක්ෂවරුන්ට රටේ ආර්ථිකය කිසිම ආකාරයකට පාලනය කළ නොහැකි බව දැන් සක්සුදක් සේ පැහැදිළියි. රට බේරා ගැනීමට, ආර්ථිකය බේරා ගැනීමට, ජනතාව බේරා ගැනීමට කුසලතාවය, නිපුණතාවය සහිත නව පරපුරක අවශ්‍යතාවය අන් කවරදාටත් වඩා දැන් දැනෙමින් තිබෙනවා.

– පාඨලී චම්පික රණවක FB


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83094

ආසාදිතයන්

78947

සුවය ලැබූ

3683

ප්‍රතිකාර ලබන

471

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *