වෙඩි 70ක් තබා කුරු අලි පැටවෙක් මරලා

ලෝකයේ වේගයෙන් වදවෙමින් පවතින පිග්මි වර්ගයේ ඇත් පැටවකු මලයාසියාවට අයත් බෝර්නියෝ දූපතේදී වෙඩි ප්‍රහාර 70ක් එල්ල කර ඝාතනය කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේ මෙම ඇත්පැටවාගේ කුඩා දළ යුගල ලබා ගැනීම වෙනුවෙන් මෙම අමානුෂික ඝාතනය සිදුකර ඇති බවයි.
මෙම වෙඩි තැබීම සඳහා ස්වයංක්‍රීය අවි සහිතව දඩයක්කරුවන් 5 දෙනකු පමණ සම්බන්ධවී ඇතැයි හෙළිව තිඛෙනවා.
පසුගිය සතිය තුල පමණක් පිග්මි වර්ගයේ දුර්ලභ අලි පැටවුන් කිහිපදෙනකුම ඝාතනය කර ඇති බවයි මලයාසියානු බලධාරීන් පවසන්නේ.
මෙම අලින් ඉතා වේගයෙන් වදවීයාමට දඩයක්කරුවන්ගේ ප්‍රහාර බලපා ඇති බවද හෙළි තිඛෙනවා.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish