කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාර දෙකෙහි අලූත්වැඩියා කටයුතු අවසන් වනතුරු හදිසි හදවත් සැත්කම් රජයේ වියදමින් පෞද්ගලික රෝහල් වලදී සිදුකර දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිඛෙනවා.

ශල්‍යාගාරවල අලූත්වැඩියා කටයුතු හේතුවෙන් මේ වනවිට කොළඹ ජාතික රෝහලේ හදවත් සැත්කම් නොකෙරෙන අතර එහි හදවත් සැත්කම් කළ යුතු රෝගීන් ජයවර්ධනපුර රෝහලට මාරුකර යැවූවත් එය ප‍්‍රමාණවත් නොවන නිසා මෙම පියවර ගත් බවයි අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණේ්.

කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාරවල අලූත්වැඩියා කඩිනමින් අවසන් කිරීමටත්, එතෙක් හදිසි සැත්කම්වලට භාජනය කළ යුතු රෝගීන් පහසුකම් ඇති පෞද්ගලික රෝහල් වෙත යොමු කිරීමටත් අගමැති රනිල් වික‍්‍රමසිංහ, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවකට මෙසේ කැබිනට් අනුමැතිය හිමිව තිඛෙනවා.

25410

ආසාදිතයන්

18304

සුවය ලැබූ

6982

දැනට රෝගීන්

124

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.