

මහියංගණය ප්‍රදේශයේ පුද්ගලයන් 1000 කට ආසන්න සංඛ්‍යාවක් නිරෝධායනයට යොමුකර තිබෙනවා.
ඒ ආසන්න දිනවල ඇගළුම් කම්හල් දෙකකින් ආසාදිතයන් 284 ක් වාර්තාවීම සමගයි.
මහියංගණය, හසලක, රිදීමාලියද්ද සහ ගිරාඳුරුකෝට්ටේ යන ප්‍රදේශවල පිරිස් මෙලෙස නිවෙස් නිරෝධායනයට යොමුකර ඇති බවයි ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලය සඳහන් කළේ.
පවතින තත්වය පිළිබඳව මහියංගණය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය විසින් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙත තොරතුරු වාර්තාකර තිබෙනවා.
එමඟින් ඉල්ලා ඇත්තේ දැනට පවතින තත්වය සැළකිල්ලට ගනිමින් වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා හුදකලා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476