විදුලිය-ගෑස්-ඉන්ධන-ජල බිල වැඩි වුණේ දේශපාලකයන්ගේ වැරදි ප්‍රතිපත්තිවලින්

දේශපාලනඥයන්ගේ වැරදි ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ගයන් නිසා විදුලිය පමණක් නොව ගෑස්, ඉන්ධන, ජලය ආදී සියල්ලේ මිල වැඩි වෙමින් තිබෙන බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් පාර්ලිමේන්තුවේදී ඊයේ (29) පැවසීය. විදුලි බිල වැඩි කිරීම පිළිබඳ පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදයට එක්වෙමින් විජිත හේරත් මේ බව සඳහන් කළේය. විදුලි බල මණ්ඩලය පාඩු ලබන්නේ පාලකයන්ගේ වැරදි ප්‍රතිපත්ති තීරණ නිසා බවත් ඒ පව් වලට දැන් රටේ සාමාන්‍ය දුප්පත් ජනතාව වග උත්තරකරුවන් වී ඇති බවත් හෙතෙම කියා සිටියේය. පාලකයන්ගේ වැරදිවලට ජනතාවට වග කියන්න නොහැකි බව පැවැසූ විජිත හේරත් දුප්පත් ජනතාව දුක් විඳිද්දී වැරදි තීන්දු ගත් පාලකයන් නිදැල්ලේ සිටින බව කීවේය. ආණ්ඩුව සියලු ක්ෂේත්‍රයන්හි මිල වැඩි කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැමූ කොන්දේසිවලට යට වී බවත් එහෙත් එය ජනතාවට කියන්න ආණ්ඩුව පසුබට වන බවත් පැවසීය.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *