ශ්‍රී ලංකාව සුපිරි වටයට

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (01) පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව බංග්ලාදේශය කඩුලු 02කින් පරාජයට පත් කිරීමට සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහරදීමට බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 183ක් රැස් කිරීමට සමත් විය.
එහිදී බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් අෆීෆ් හොසේන් ලකුණු 39ක් රැස්කළ අතර හසන් මිරාස් ලකුණු 38ක් රැස් කළේය.
පන්දු යැවීමේදී වනිඳු හසරංග සහ චාමික කරුණාරත්න කඩුලු 3 බැගින් දවාගත්හ.
ඒ අනුව ලකුණු 184ක ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.2 ක් තුළ කඩුලු 8ක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 60 ක් රැස් කළ අතර දසුන් ශානක ලකුණු 45 ක් රැස්කළේය.
ඒ සමගම ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීය.
පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *