• Sun. Nov 27th, 2022

IMF එකඟතා රටට හෙලිකරන්න – ආචාර්ය හර්ෂ ද සිල්වා

ByLankaAnews

Sep 5, 2022

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතා රජය  හෙළිදරව් කළ  යුතු බව රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කරයි.   

සමගි ජන බලවේගය ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා පැවසුවේ,  මාණ්ඩලික එකඟතාවයකට  එළැඹීමට හැකිවීම පිළිබඳව රජය දැඩි ලෙස  සන්තෝෂයට පත්ව සිටිය ද  මෙම එකඟතාවන්හි අන්තර්ගතය කුමක්ද යන්න සම්බන්ධයෙන් රටේ ජනතාවට  කිසිදු අවබෝධයක් නොමැති බවයි.

රාජපක්ෂ ආණ්ඩුව එක්ව සිදු කළ ආර්ථික විනාශය හේතුවෙන් අද රට මෙවන් තත්ත්වයකට පත්ව ඇති බව ද මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේ ය.

”දැන්නම් පළවෙනි පාරට අයි.එම්.එෆ් එකෙන් කියලා තියෙනවා මුළු ලෝකෙම කියනවා ලංකාවට ඔහෙලා පල්හොරු. මේ රටේ මිනිස්සුන්ගෙ සල්ලි ඔහෙලා හොරකම් කරලා. මොකද්ද කියන්නේ. දුෂණය නවත්වන්න මොකක්ද ගන්න වැඩපිළිවෙළ. කෝ අලුත් නීති ගේන්න වෙයි. මේ හොරකම් කරපු මිනිස්සුන්ට දඬුවම් දෙන්න වෙයි. හැබැයි දඬුවම් දෙන්න පුළුවන්ද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට. ඒක තමයි අපි කිව්වේ කොහාගෙයි කාක්කාගෙයි කතාව. මේවා එනකොට හරි දඬුවම් දෙන්න රනිල් වික්‍රමසිංහ  ලෑස්ති වෙනකොට කාක්කෝ ටික ඉන්න දෙයි ද? ”

මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කර සිටියේ, ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය හැර වෙනත් කිසිවෙකු නොදන්නා මෙම අදාළ එකඟතා මෙනවා ද යන්න සම්බන්ධයෙන් හෙට දිනයේ කරුණු ඉදිරිපත් නොකළ හොත් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස තමන් තීරණය කිහිපයක් ගන්නා  බවයි.

”දැන් මෙතන මට පේන්නෙ නියම කොලේ වැහිලා ගැහිල්ලක් තමයි, කොලේ වහලා ගහලා තියෙනවා ලස්සනට. කිසි කෙනෙක් දන්නේ නෑ. කිසිම කෙනෙක් දන්නේ නැහැ. ජනාධිපතිවරයා දන්නවා. කැබිනට් එක දන්නවා. නැතුව පාර්ලිමේන්තුව මේක සම්මත කරගෙන නැහැ. අඟහරුවාදාට මේක ඉදිරිපත් කළේ නැත්නම් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස මම ඒ තීරණ වගයක්  ගන්නම්. මම දැන් ඒක මෙතන කියන්න සූදානම් නැහැ. නමුත් මට වගකීමක් තියෙනවා මේ රටේ මිනිස්සු වෙනුවෙන්”

වසර 4 ක කාල සීමාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීර්ණ ණය පහසුකමක් ලබාදීමට අදාළ නිලධාරී මට්ටමේ එකඟතාවකට එළැඹි බව පසුගිය පළමු වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේ ය.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *