ජංගම, ස්ථාවර දුරකථන හා බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තු ඉහළට

ByLankaAnews

Sep 5, 2022

අද ‍(05) සිට ක්‍රියාත්මක වන පරිදි දුරකථන සේවා ගාස්තු හා මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු ඉහළ දැමීමට දුරකථන සමාගම් තීරණය කර තිබේ.

විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අනුමැතිය යටතේ එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව සියලුම ජංගම, ස්ථාවර දුරකථන හා බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තු සහ සෙසු පෙරගෙවුම් හා පසුගෙවුම් ගාස්තු සියයට 20කින් ඉහළ දැමීමට නියමිතය.

එමෙන්ම අද සිට මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු සියයට 25කින් ඉහළ දැමෙන බව දුරකථන සමාගම් දැනුම් දී තිබේ.

එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බදු සංශෝධනයත් සමග මෙලෙස දුරකථන ගාස්තු ඉහළ දමා ඇති බව සඳහන්ය.

සංශෝධිත අයවැය මගින් සියයට 12ක්ව පැවති වැට් බද්ද සියයට 15ක් දක්වා ඉහළ දැමුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමය සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා සඳහන් කළේ, එම මිල වැඩිකිරීම හමුවේ සිය ආයතන මගින් පාරිභෝගිකයාට සේවා සැපයීම දැඩි අර්බුදයකට ලක්වන බවය.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *