හිටපු ජනපති මෛත්‍රීපාලට නොතීසි නිකුත් කෙරේ

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනපති  මෛත්‍රීපාල සිරිසේනට ඔක්තෝබර් මස 14 වනදා අධිකරණයේ පෙනීසිටින ලෙස දන්වා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අද (16) නොතීසි නිකුත් කර තිබේ.
සිරිල් ගාමිණී පියතුමා සහ පාස්කු ප්‍රහාරයෙන් වින්දිත පුද්ගලයෙකු  වන ජේසුදාසන් නඩේසන් විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් සලකාබැලීමෙන් අනතුරුව මෙම නොතිසි නිකුත් කිරීම සිදුකර තිබෙයි.
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්තවාදි ප්‍රහාරය  වළක්වාගැනීමට ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ඉදිරිපත්වූ  පැමිණිල්ලක සැකකරු ලෙස  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනව නම් කර තිබේ.
පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *