යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කෙරේ

ශ‍්‍රී ලංකාවේ තුන් වැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොල ලෙස යාපනය පලාලි හි සංවර්ධනය කෙරුණු ‘යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ උත්සවාකාරයෙන් විවෘත කෙරුණා.

ඉන්දියාවේ චෙන්නායි සිට එලායන්ස් එයාර් 1 සමාගමේ විශේෂ වූ ගුවන් යානයක් ප්‍රථම වතාවට ගුවන් නිලධාරීන් ඇතුලු කාර්ය මණ්ඩලයේ 30 දෙනෙකු පමණ  පිරිසක් අද (17) පලාලි ගුවන්තොටුපලට පැමිණීමෙන් පසුවයි එය ජාත්‍යන්තර ගුවන්තොටුපලක් වශයෙන් නම් කරනු ලැබුවේ.

රුපියල් මිලියන 2250 ක වියදමකින් පාලිලි ගුවන්තොටුපලේ සංවර්ධන කටයුතු සිදු කෙරුණු අතර ඒ වෙනුවෙන් ශ‍්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 1,950ක් සහ ඉන්දීය රජයෙන් රුපියල් මිලියන 300ක් වශයෙන් මුදල් යොදවා තිඛෙනවා.

 පලාලි ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන්තොටුපලක් වශයෙන් විවෘත කිරීමත් සමඟම යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් නොවැම්බර් මස මුල සිට සිදු කිරීමට කටයුතු යොදා ඇතැයි සදහන්.

පලාලි ගුවන්තොටුපල අදියර තුනක් යටතේ සංවරධනය කිරීමට නියමිතයි.

එහි පළමු අදියර යටතේ දැනටමත් ගුවන් යානා මෙහෙයුම් කටයුතු සඳහා භාවිතයට ගැනෙන ප‍්‍රධාන ධාවන පථයෙහි මුල් මීටර් 950 අලුතින් ආස්ථරණය කළ  ඇති අතර ඒ සමඟම ආසන 72 ට අඩු ඹොම්බර්ඩීර් – 100 වර්ගයේ ගුවන් යානා එහි හැසිරවීමේ අවස්ථාව උදා වනවා.

එහි ධාවන පථය මීටර් 950 සිට මීටර් 1,400 දක්වා දීර්ඝ කිරීමට නියමිත අතර පළමු අදියර යටතේ සතියකට ගුවන් ගමන් වාර 03 ක් සිදු කිරීමට කටයුතු යොදා තිඛෙනවා.