අමෙරිකාව සමග සඳට යාමට ජපානයත් සැරසෙයි

2024 වසරේ අමෙරිකානු සඳ ගමනට දායකවීමට ජපානය තීරණය කර තිඛෙනවා.
ඒ අනුව ජපානය මෙම සඳ ගමනට දායක වන ආකාරය මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.
2024 ආර්ටේමිස් ව්‍යාපෘතිය යටතේ ගගනගාමීන් 3 දෙනකු සඳ මතට යවා යළි ආරක්ෂිතව පෘථිවියට ගෙන්වා ගැනීමට නියමිතයි.
මෙම මෙහෙයුම සදහා ඔස්ටේ්‍රලියානු රජයද පසුගියදා නාසා ආයතනය වෙත මුදල් පරිත්‍යාගයක් සිදුකළා.
එහෙත් මෙම ගමනට ජපන් ගගනගාමියකු සම්බන්ධ කිරීමට ජපානය කැමැත්තෙන් පසුවන බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ.