මොරටුව පොලිසියට එරෙහිව නගර සභාවෙන් පැමිණිලි 7 ක්

Sri Lanka

මොරටුව මහ නගර සභා බල ප්‍රදේශය තුළ අනවසර පදික වෙළඳාමේ යෙදෙන පිරිස ඉවත් කිරීමේ අවස්ථාවට යන නිලධාරීන් වෙත මොරටුව පොලිසිය විසින් ආරක්ෂාව සැපයූවේ නැති බව පවසමින් පොලිසියට එරෙහි පැමිණිලි 7ක් අද(25) ඉදිරිපත් කළ බව මොරටුව නාගරික කොමසාරිස් එස්.බී තෙවරප්පෙරුම මහතා පැවැසීය.

ඒ අනුව නාගරික කොමසාරිස් වන තමා ඇතුළු ඉංජිනේරුවරයා, ප්‍රධාන ආදායම් පරීක්ෂක, ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක, ගණකාධිකාරි, සෞඛ්‍ය පරීපාලක, ක්ෂේත්‍ර පරිපාල යන මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇත. නාගරික තදාසන්න කලාපයේ අනවසර වෙළඳුන් මාර්ගයේ ගමන් කරන රථවාහන සඳහා මෙන්ම පදිකයන්ට ද අවහිර වෙන ආකාරයට සිදුකරන අනවසර වෙළඳාම හේතුවෙන්  ගැටලු මතුව ඇතැයි ඒ මහතා පැවසීය.

එහෙයින් මොරටුව මහ නගර සභා පනත ප්‍රකාරව අදාළ  අනවසර වෙළදාම් ඉවත් කිරීමට කටයුතු කරන්නට සැලසුම් කල අතර එකී අවස්ථාවට පොලිස් ආරක්ෂාව සපයන ලෙස ලිඛිතව හා වාචිකව සිදු කරනු ලැබූ ඉල්ලීමකට පොලිසියෙන් යහපත් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් එයට එරෙහිව මෙසේ පැමිනිලි ඉදිරිපත් කළ බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මහ නගර සභා පනතට ප්‍රකාරව පදික වේදිකාවන්හිදී වෙළඳාම් සිදු කිරීම සිදුකළ නොහැකි බව සඳහන් කරන ඒ මහතා එකී වෙන සැල් ඉවත් කිරීමට යාමේ දී අදාළ වෙළඳුන්ගෙන් නිලධාරීන්ට යම් පහර දීමක් සිදු වුවහොත් එහි වගකීම මොරටු පොලිසිය දැරිය යුතු බවද වැඩිදුරටත් පැවසීය.

මෙසේ අනවසර වෙළඳසැල් ලෙස වෙනදාමෙන් යෙදුන වෙළඳුන් 15දෙනෙකු ඉවත් කිරීමට හඳුනාගෙන තිබූ බව ඒ මහතා පැවසීය.

මේ පිළිබඳව මොරටු පොලිසියේ නිලධාරීන්ගෙන් කළ විමසීමේදී ඔවුන් පැවසූයේ කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් දරිද්‍රතාවය සහ රැකියාව කර ගැනීමට නොහැකි දැඩි අපහසුතාවන්ට පත්ව සිටින ජනතාවගේ වෙළඳසැල් මෙසේ  ඉවත් කිරීම සිදු කරමින් අපහසුතාවයට පත් කිරීම අමානුෂික ක්‍රියාවලියක් බවයි. අනවසර වෙළඳසැල හේතුවෙන් මාර්ගයේ ඇතැම් ස්ථානවල තදබදයක් මෙන්ම ගැටලුකාරී තත්ත්වයන් මතු වුව ද මෙවන් අවස්ථාවක අමානුශික ආකාරයෙන් එකී වෙළඳසැල් කඩා ඉවත් කිරීම මනුෂ්‍යත්වයට කරන අගෞරවයක් බව එම  නිලධාරිහු පැවසූහ.(රේඛා තරංගනී ෆොන්සේකා)


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83094

ආසාදිතයන්

78947

සුවය ලැබූ

3683

ප්‍රතිකාර ලබන

471

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *