මොරටුවෙන් තවත් කොරෝනා මරණයක් / 56 හැවිරිදි අයෙකු මරුට

Sri Lanka

මොරටුවෙන් තවත් එක් කොරෝනා මරණයක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඊයේ (06) වාර්තාවූ කොරෝනා මරණ 8න් එක් මරණකරුවකු මොරටුව ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයකු බවයි.
දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ දී ඔහු කොරෝනා ආසාදිතයකු ලෙස හදුනාගෙන තිබුණා.
අනතුරුව මුල්ලේරියාව රෝහලට මාරු කර යැවීමෙන් පසුවයි පෙබරවාරි 5 වනදා මරණයට පත්ව තිබුණේ.
කොවිඩ් නිව්මෝනියාව හා පිළිකා රෝගී තත්ත්වයක් මරණයට මුල්වී තිබෙනවා.

මීට පෙර අවස්ථා 2 කදී ද මොරටුවෙන් කොරෝනා ආසාදිත මරණ වාර්තා වුණා.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *