මාධ්‍ය උපමාන කැඩුවොත් මැතිවරණ කොමිසමෙන් දැඩි පියවර

මාධ්‍ය උපමාන කඩ කළහොත් ලබන ඊට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනිමට තමාට සිදු වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

අද (23) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවක දී සභාපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

ජනාධිපතිවරණය 2019 ට අදාළව මාධ්‍ය උපමාන බලාත්මක කිරීම හා මාධ්‍ය උපමාන සම්බන්ධයෙන් රජ්‍ය මාධ්‍ය ආයතනවල කාර්යභාරය පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වී තිබේ.

මාධ්‍ය උපමාන අනුගමනය කිරීම සම්බන්ධයෙන් දැඩි අධික්ෂණයක් ලබන සඳදා (28) දින සිට ක්‍රියාත්මක කිරීමට තමා බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා පවසා තිබේ. එසේම නොවැම්බර් මස 8 දි සිට සජිවි විකාශයන් සිදු නොකරන ලෙස සභාපතිවරයා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දුන්නේය.

මේ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා නියෝජිතයින් සහභාගී වී සිටියේ ය.