තැපල් ජන්ද දිනයේ මාධ්‍යයට උපදෙස් මාලාවක්

නා­ධි­ප­ති­ව­රණ තැපැල් ඡන්ද ලකුණු කරන ස්ථාන­ව­ලදී හා ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැ­ත්වෙන දින මාධ්‍ය ආය­තන හා මාධ්‍ය­වේ­දීන් කට­යුතු කළ යුතු ආකා­රය සම්බ­න්ධ­යෙන් උප­දෙස් මාලා­වක් මැති­ව­රණ කොමි­සමේ සභා­පති මහින්ද දේශ­ප්‍රිය මහතා විසින් නිකුත් කර තිඛෙනවා.

ඒ අනුව තැපැල් ඡන්ද ප්‍රකා­ශ­යට පත් කිරීම කිසිදු ලෙස­කින් ඡායා­රූප ගත කිරීම හෝ වීඩියෝ ගත කිරීම තහ­නම් කර ඇති අතර යම් හෙය­කින් එවන් රූප­රාමු ලද හොත් ඒවා පළ කිරීම හෝ විකා­ශය කිරී­මට ද තහ­නම් කර තිඛෙනවා.

එසේ ම ජනා­ධි­ප­තිවරයා, අග­මැති, විපක්ෂ නායක, කථා­නා­යක සහ ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යින් විසින් තම ඡන්දය ප්‍රකාශ කරන අව­ස්ථා­වන් රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුව හරහා ම සිදු කළ යුතු අතර එම දර්ශන පවා විකා­ශය කළ යුත්තේ එදින පස්වරු 4.00 ට ඡන්දය ප්‍රකාශ කිරීම අව­සන් වීමෙන් පසුවයි.

2076

ආසාදිතයන්

1903

සුවය ලැබූ

162

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :