හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර ඇප ඉල්ලයි

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිඛෙනවා.
ඒ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තමන්ව ඇප මත මුදාහරින ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්.
අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ නීතිපතිවරයා නම් කර ඇති අතර පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැර මිනීමැරීම් සිදුකළ බවට චෝදනා කරමින් තමන්ව රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කළ බව අදාළ පෙත්සමෙන් දක්වා ඇත්තේ.
ඊට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සඳහන් කරමින් මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ව ඇප මත මුදා හළ බව පෙන්වා දෙන පෙත්සම්කරුවන්, ඉන්පසුව නීතිපතිවරයා විසින් ඊට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළ බව ද සඳහන් කර තිඛෙනවා.