ගතවූ දිනයේ මොරටුවෙන් කොරෝනා ආසාදිතයන් 6ක් / එක් කොරෝනා මරණයක්

Sri Lanka

ගතවූ දිනය තුල මොරටුවෙන් කොරෝනා ආසාදිතයන් 6ක් හා එක් කොරෝනා මරණයක් වාර්තා වුණා.
ආසන්න ප්‍රදේශවන පිළියන්දලින් ආසාදිතයන් 7ක් ක් හා රත්මලාන ප්‍රදේශයෙන් ආසාදිතයන් දෙදෙනකු හදුනා ගැණුනා.
මේ අතර ගතවූ පැය 24 තුල ලංකාවෙන් නව කොරෝනා ආසාදිතයන් 726 ක් හදුනාගෙන තිබෙනවා.
ඒ අතරින් වැඩිම ආසාදිතයන් බදුල්ලෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 197 ක්.
කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවූ ආසාදිතයන් ගණන 116 ක් .මට්ටක්කුලියෙන් ආසාදිතයන් 14 ක් , ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් ආසාදිතයන් 9ක් , හා පිළියන්දල ,මරදාන ප්‍රදේශවලින් ආසාදිතයන් 7 බැගින් හඳුනා ගැනුනා.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 101 ක් එම කාලය තුල හඳුනා ගෙන තිබෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 88 ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් 63 ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 53 ක් එම කාලයේ වාර්තා වුණා.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83094

ආසාදිතයන්

78947

සුවය ලැබූ

3683

ප්‍රතිකාර ලබන

471

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *