හම්බන්තොට වරායේ මෙහෙයුම් අද සිට ඇරඹෙයි

හම්බන්තොට වරායේ කොටස් හිමිකාරිත්ව ගිවිසුමට අත්සන් තබමින් අද හම්බන්තොට වාරයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිඛෙනවා.
හම්බන්තොට වරායේ මෙහෙයුම් පුළුල් කරමින් එය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා රජය, චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම (CM Port), හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් ගෲප් (පෞද්ගලික) සමාගම (HIPG) සහ හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විසස් (පෞද්ගලික) සමාගම (HIPS) අතර හවුල්කාරිත්ව ගිවිසුමක් 2017 ජූලි 29 වෙනිදා අත්සන් තබනු ලැබුවා.
ගිවිසුම අනුව ස්ථාපනය කරන ලද විශේෂිත කාර්යය සමාගම් ‍දෙක වන ඉන්ටර්නැෂනල් පෝර්ට් ගෲප් (පෞද්ගලික) සමාගම (HIPG) සහ හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විසස් (පෞද්ගලික) සමාගම (HIPS) මගින් වරායේ මෙහෙයුම් කටයුතු සිදුකිරීමට නියමිතයි.
HIPG සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 85% ක් CM Port සමාගමට හෝ ඊට අනුබද්ධිත ආයතනයට හිමි වන අතර 15% ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමි වන බව රජය සදහන් කළා.
එසේම, HIPS සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 58% ක් HIPG සමාගමට හිමිවන අතර ඉතිරි 42% ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වනවා.
හම්බන්තොට වරාය වසර 99 බද්දට ගැනීමට අදාළ චීන සමාගම ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.1ක් ලබාදීමට නියමිත අතර එම මුදල අද මෙරටට හිමිවන බව සදහන්.
එහි තවත් ඩොලර් මිලියන 100 ක මුදලක් ජනවාරි මාසයේදීත් ඉතිරිය මාස 6ක් ඇතුළදීත් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතයි.

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.