2019 වසරේ චීන ජාත්‍යන්තර තොරුතුරු හා සංනිවේදන ප්‍රදර්ශනයේ පළමු දිනයේදී එමස සේවා නිල වශයෙන් ආරම්භ කෙරිණ.
චීන කර්මාන්ත හා තොරුතුරු තාක්ෂණ අමාත්‍යංශයේ උප අමාත්‍ය Chen Zhaoxiong මහතා ගේ ප්‍රධානත්වයෙන් චීනයේ ප්‍රධාන සංනිවේදන සේවා සමාගම් වල ප්‍රධානීන් එක්ව එම සේවාව ආරම්භ කර ඇත.
එය චීනයේ නිල වශයෙන් 5G යුගය උදා වීමේ සංකේතයක් ලෙසට සැලකේ.
චීනය 5 වන පරම්පරාවේ සංනිවේදන තාක්ෂණයෙන් වාණිජ ක්‍රියාදාමය කඩිනම් කෙරෙනු ඇත.
මේ වසර වනවිට සමස්ත චීනයේ 5Gසංඥා මධ්‍යස්ථාන ලක්ෂ 1.3ක් ඉදිකළ හැකි බව චීන කර්මාන්ත හා තොරුතුරු තාක්ෂණ අමාත්‍යංශයේ උප අමාත්‍ය Chen Zhaoxiong මහතා එහිදීප්රකාශ කළේ ය.
දැනට චීනයේ ප්‍රධාන සංනිවේදන සේවා සමාගම් තුනකට 5G ජංගම සේවා පැකේජ නිකුත් කළ හැකි අත, එහි අවම ගාස්තුව මසකට චීන යුඅන් සියයක් පමණි.
එමෙන්ම 5G වාණිජ ජංගම සේවා ක්‍රියාත්මක නවතම නගර නම් ලැස්තුව එහිදී නිකුත් කෙරුණු අතර, චීන නගර 50ක් එම නම් ලැස්තුවට ඇතුළත්ය.