දෙමල සන්ධානයේ ප්ලොට් සහායත් සජිත් ප්‍රේමදාසට

එළඹෙන ජනාධිපතිවරණයේදී, ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාට  සහය දැක්වීමට ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරන ප්ලොට් සංවිධානය ද තීරණය කර තිබෙනවා.

එහි නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් පැවසුවේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස හට සහය පළ කිරීමට සිය සංවිධානය තීරණය කළ බවයි.

ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හරහා දෙමළ ජනතාවගේ ගැටළුවලට විසඳුම් ලබා ගැනීමට හැකිවෙනු ඇතැයි ප්ලොට් සංවිධානයේ් මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බවයි ඔහු කියා සිටියේ.

ඉලංකෙයි තමිල් අරසු පක්ෂය, ටෙලෝ සංවිධානය සහ ප්ලොට් සංවිධානය එක්ව දෙමළ ජාතික සන්ධානය පිහිටුවා තිබෙනවා. එහි ප‍්‍රධානතම හවුල්කරු වන ඉලංකෙයි තමිල් අරසු පක්ෂය ඊයේ පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස හට සහය ලබා දෙන බවයි.

176

ලංකාවේ ආසාදිතයන්

33

සුවය ලැබූ

138

දැනට රෝගීන්

5

ලංකාවේ මරණ