සජිත්ගේ ජය ස්ථිරයි / ඇමති අලවතුවල මත විමසුම් ගැන කියයි

දේශීය හා විදේශීය වශයෙන් සිදුකර ඇති නවතම මත විමසුම් අනුව මෙවර ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා නිසැකවම ජය ගන්නා බව තහවුරුව ඇතැයි රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ මාවතගමදී පැවැති ජන හමුවක් අමතමින්.
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් අතරින් සැබෑ ජනතාවාදී වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ බැවින් සජිත් ප්‍රේමදාස මහතා වඩාත් ජනප්‍රසාදයට ලක්වෙමින් පවතින බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මේ වන විට පවතින නවතම වාර්තා අනුව සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය ස්ථිර බැවින් එය විජයග්‍රහණයක් කිරීමට එක්වන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
විවිධ අපහාසයන් හා අවලාද එල්ල කරමින් මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූ පාර්ශවයන්ට එම අවලාදයන්ම පාරා වලල්ලක්වී ඇති බවයි ජේ සී අලවතුවල මහතා පැවසුවේ.
එය දේශීය වශයෙන් පමණක් නොව විදේශීය වශයෙන්ද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයාට හිමිවන පැසසුම් තුලින් තහවුරු වන බවද අමාත්‍යවරයා සදහන් කළා.
ඒ අනුව නොවැම්බර් 16 වනදා රට දියුණු කරන තරුණ නායකයකු මෙරට ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමට ජනතාව හංසයා ලකුණ ඉදිරියෙන් ජන්දය භාවිතා කරන බවයි ජේ සී අලවතුවල මහතා වැඩිදුරටත් සදහන් කළේ.

176

ලංකාවේ ආසාදිතයන්

33

සුවය ලැබූ

138

දැනට රෝගීන්

5

ලංකාවේ මරණ