ඉදිරි සති කිහිපය වඩාත් බරපතලයි / මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අනතුරු අඟවයි

ByLankaAnews

Feb 7, 2021

ජනතාව වගකීම් විරහිතව හැසිරීම හේතුවෙන් ඉදිරි සති දෙක තුන ඇතුළත කොරෝනා ආසාදිතයන් හා මරණ ප්‍රමාණය ඉහළ යා හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අනතුරු අඟවනවා.
ඔහු පැවසුවේ කොරෝනා අවදානම අවම බවට හැඟීමකින් ජනතාව කටයුතු කරන බැවින් අවදානම වඩාත් බරපතල විය හැකි බවයි.
පසුගිය වසරේ දෙසැම්බර් මාසය හා සළකා බැලීමේදී ජනතාව වඩාත් නිදහසේ කටයුතු කරන අතර කොරෝනා අවදානම නොතකා හරිමින් ඇතැයි ද ඔහු පැවසුවා.
මෙම තර්ජනය බරපතල මට්ටමට පත්වීම වැළැක්වීම සඳහා එළඹෙන දිගු සති අන්ත සහ නිවාඩු දිනවල අනවශ්‍ය ගමන් බිමන් සීමා කරන ලෙසයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවට දැනුම් දෙන්නේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *