පෙර පාසලටත් නිදහස් අධ්‍යාපනය /පෙර පාසල් ගුරු සහායත් සජිත් ප්‍රේමදාසට

දිවයින පුරා විසිර සිටින පෙරපාසල් ගුරුවරුන් ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පල කළේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ පෙරපාසල් ගුරු භවතුන් අතර , කොලඹ වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැති විශේෂ හමුවකින් අනතුරුවයි.
දිවයිනේ සියළු පෙරපාසල් ගුරුවරුන්ට රජයෙන් වැටුප් ලබාදෙන නව ක්‍රමවේදයක් තමන් හදුන්වා දෙන බව සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී සදහන් කර තිඛෙනවා.
ඒ අනුව ක්‍රමවත් හා විධිමත් පුහුණුවකින් යුක්ත පෙර පාසල් පද්ධතියක් වෙනුවෙන් රජයේ දායකත්වය හා පුහුණුව ලබාදීමටද මෙම හමුවේදී එකගතාවය පල කළ බවයි ජේ සී අලවතුවල මහතා සදහන් කළේ.
මේ වන විට පෙරපාසල් ගුරුවරුන් මුහුණ දෙන ගැටළු හා අවශ්‍යතා පිළිබදවද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අවධානය යොමුකර තිබුණා.
එහිදී ඉදිරිපත්වූ ඉල්ලීම් අනුව සියළු පෙරපාසල් ගොඩනැගිලි ගැලපෙන පරිදි සකස් කිරීමට හා අන්තර්ජාතික මට්ටමේ මූලික පෙරපාසල් අධ්‍යාපනයක් දරුවන්ට ලබාදීමට ගත හැකි පියවරන්ද ගන්නා බව මෙහිදී අවධාරණයකර තිඛෙනවා.
ඒ අනුව මෙතෙක් අඩු අවධානයක් යොමුකර තිබූ පෙර පාසල් ක්ෂේත්‍රය කෙරෙහි දැක්වූ උනන්දුව පිළිබද තම ස්තූතිය පල කරන බවයි පෙරපාසල් ගුරුවරුන් සජිත් ප්‍රේමදාස මහතා වෙත දැනුම්දී ඇත්තේ.
ඒ සමගම ජනාධිපතිවරණයේදී සිය සම්පූර්ණ සහාය සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදෙන බවද ඔවුන් අවධාරණය කර තිඛෙනවා.
මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා විසින්.