සුරක්ෂිත රටක් බිහි කරනවා / ගෝඨාභය රාජපක්ෂ

ජනතාවට ආරක්ෂිත රටක් බිහි කිරීමේ පොරොන්දුව තමන් අනිවාර්්‍යයෙන් ඉටු කරන බව පොදුජන පෙරමුනේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ රත්නපුර නගරයේ පැවති ජන රැළියක් අමතමින්.

මම ගිය හැම පළාතකම ජනතාව අපෙන් ඉල්ලනේ අපිට මුලින්ම  ආරක්ෂිත රටක් ලබාදෙන ලෙසයි ඒකකල හැක්කේ අපිට විතරක් බව මම ජනතාවට පොරොන්දු වනවා. ඒ පිළිබඳව අවබෝදයක් තිබෙන්නෙත් අපිට විතරයි. විදේශවල බලපෑම් වලට යටවන ඒ මත දරන රණවිරුවන්ට හිරිහැර කරන  ජාතික ආරක්ෂාම ගැන හැගීමක් නැති විවිද  සංවිධානවලට යටවන ඇමති මණ්ඩලයක් ඉන්න රජයකට ඒක කරන්න පුළුවන්කමක් නැති බව අපි දන්නවා.

අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය උගතුන් බුද්ධිමතුන් වෘත්තිකයින් ව්‍යවසායකයින්, ව්‍යාපාරිකයින් එකතු වී හැදුවේ ජනතාවගේද අදහස් ඇතුව ප්‍රයෝගිකව ක්‍රියාත්මක කල හැකි කාආරයේ වැඩපිළිවෙලක් සහිතවයි. අපි දැක්කා පසුගිය වසර හතර හමාර තුලදී මේ රටෙ තිබුනු ප්‍රශ්ණ ගැටළු ඒ නිසා අපේ කාලයේදී මේ ප්‍රකාශණයේ සියලු කරුණු ඉෂ්ට කිරීමට මා කටයුතු කරනවා.

අපි අභියෝග බාරගෙන එම අභියෝග ඉෂ්ට කල කණ්ඩායමක්. මම මන්ත්‍රිවරයෙකුවත් නොවී නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්වරයා ලෙස මට බාරදුන් වගකිම් 100ක්ම  මම ඉටුකලා.නමුත් රජයේ  බලවත් ඇමතිවරයෙක් විදිහිට සිට කරන්න පුළුවන් දේවල්වත් නොකර  මට ජනාධිපතිකම ලැබුනොත් කරන්නම් කියන දේවල් ගැන අපිට විශ්වාස කරන්න බෑ.

තමන් ඇමති මණ්ඩලේ සාමාජියෙක්ව සිට සාමූහික වගකීමක් දරණ ගමන් තමන්ගේ රජයේ ප්‍රධානතම පොලිස් නිළධාරියා නීතිය නවන්න කටයුතුකරන අවස්ථාවලත් ඒ වගේම නීති දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙක් නිති කඩන්නත් පුළුවන් නවන්නත් පුළුවන් කිව්ව රජයක හිටපු ඇමතිවරයෙක් නීතියේ ආධිපත්‍ය තහවුරු කරනවා කියන එක පිලිගන්න බෑ. මේ දේශපාලන අපි වෙනස් කර තිබෙනවා .

අපි කථාකලයුත්තේ ඉදිරියට කරන වැඩ ගැනයි. අපිට කරන්න පුළුවන් දේවල් ප්‍රතිපත්තිග නමුත් සමාජ මාධ්‍ය වල බොරු ගොතලා ජනතාව මුලාකරන අපිට  විශාල අභුත චෝදනා දැලා ජනතාවමුලාකරන්න බෑ. මම පැහැදිලිව කිව්වා අපි මේදේශපාලන  සංස්කෘතිය වෙනස් කර ප්‍රතිපත්ති මත කටයුතු කල යුතු බව මොන දේශපාලන පක්ෂයක වුනත් තමන්ට කරන්න පුළුවන් පුතිපත්ති ඉදිරිපත් කරනවා නම් ඔහුට සහයෝගය දියයුතුය. ප්‍රතිපත්ති වලටයි ගරු කල යුත්තේ ජනතාවමුලා නොකල යුතුයි.

 පසුගියදා ගිනිගත්හේනේ යම් සිද්ධියක් සිදුවුනා මම ඒ ගැන පැහැදිලිව කිව්වේ කවුරු වුනත් නීතිය අකුරටම ක්‍රියාත්මක කල යුතුයි එවැනි දේවල් මම කිසිසේත් අනුමත කරන්නේ නෑ.ඉදිරියේදී අපේ රජයක් තුල මේ රටේ නීතියස්තාපනය කරන බවට මම සහතික කරනවා. පොලීසියදේශපාලනීකරනයෙන් ඉවත් කරනවා තමුන්නාන්සේලා දන්නවා එදා පොලිසිය ඇතුලු ත්‍රිවිද හමුදාව හා සිවිල් ආරක්ෂක බලකාය මේ රටට සාමය ගේන්න විශාල වැඩ කොටසක් ඉටුකල බව.

බුද්ධි අංශ ශක්තිමත් කලා  එදා අපි ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශය එප්. සී අයි.ඩී එක අපාරාද පරීක්ෂණ දෙපාර්තමෙන්තුව අපි මෙහෙයවූයේ මේ රටේ පාතාලය ල කුඩු ජාවාරම්  ත්‍රස්තවාදීන් විනාශ කරන්නයි. අපි ඔවුන් එක්සත් ජාතික පක්ෂයේ අය පිටුපස් මේ අය යැව්වේ නෑ. නමුත් මේ රජය ඒවා යොදවා තිබෙන්නේ අපි පසුපස එන්නයි. මේ ආයතන පාචිච්චි කලේ දේශපාලන විරුද්දවාදීන් පිටුපස යන්නයි. අමාත්‍ය මන්ඩලයසාමූහිකව වගකියන්න ඕනි රටේ ආරක්ෂාව වෙනුවෙන් ඒ අයගේ මූලික වගකීම අමතක කරලා තිබෙනවා.

පසුගිය යුද්දයේදි අපට යටත් වුනු ත්‍රස්තවාදීන් පුණරුත්තාපනය කර සමාජ ගතකර ඒ අයගේ මානසිකත්වය ගොඩනගා එම ප්‍රදේශවල නැවත ප්‍රශ්ණ ඇති නොවන්නට අපි වැඩපිළිවෙලක් හැදුවා. ඒ ප්‍රදේශවල විශාල සංවර්ධනයක් සිදුකලා ගමේ වන විට දෙමළ ජාතික සංදානය එක්සත් ජාතික පෙරමුනට සහයෝගය දැක්වීමේන් පැහැදිලි වන්නේ ජනතාව වෙනුවෙන් නෙවෙයි රට බෙදීමට ඒ අයට සහයෝගය දෙයි හිතන කණ්ඩාම ඔවුන් කියා හිතන නිසයි. ඒ වචන වල කිසිම අර්ථයක් නෑ ඒ අය ප්‍රජාතත්තුවාදය ගැන කථා කලත් අපියි ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට පළාත් සභා ගෙනත් කටයුතු කලේ. උතුරේ මැතිවරන තිබ්බා ඒ ප්‍රදේශවල මැතිවරන තිබ්බේ අපියි.

මැතිවරණවලට පෙර ඒ ප්‍රදේශවල සිටි අයගේ ආයුධ අපි ඉවත් කලා ප්‍රජාතනුත්‍රවාදය වෙනුවෙන්. සංවර්ධනය ඇතිකලා මේව ගැනකථා කරන්නේ නෑ ඒ පළාත් සංවර්ධණය කර ඒ පලාත් වල දරුවන්ට පාසැල් යන්න පුළුවන් තත්වයක් අපි ඇතිකලා. අපි තමයි පුද්ගලික අංශයට කථා කර ඒ ප්‍රදේශවල කර්මාන්තශාලා ඇතිකලාතදැන් එහි නායකයේ කියන අය  ඒ අයගේ  සහයෝගය දේන්නේ එට බෙදන්න පුළුවන් පිරිසටයි. අපි එදාකරපු ආරක්ෂකවැඩපිලිවෙල මේ රජය බලයට ආවට පසු ජාතික ආරක්ෂාය ගැන නොහිතා ඒය අමතක කර වැඩකලා.

ඒ හිනද තමයි විදේශීය බුද්ධි අංශ මගින් පරහ දීමක් ලැන සියලු තොරතුරු ලබාදීලත් ඒවා වල්කාගන්න බැරිවුනේ ඒකට මුලු ඇමති මණ්ඩලේම වගකියන්න ඕනි දැන් ඒ ඇමති මන්ඩලයේ හිටපු කෙනෙකුට කියන්න බෑ. මම ජාකතික ආරක්ෂාව තහවුර කරනවා කියා.ඒ නිසා කරන්න පුළුවන් දේවල් නොකර නකැවතත් බලය ඉල්ලනවා.ඒවට ජනතාව මුලාවෙන්නේනැති බව අපි දන්නවා.

අපේ ඉදිරි වැඩසටහන ප්‍රතිපත්ති ප්‍රකාශණය යටතේ අපි ඉදිරිපත් කර තිබෙනවා. රටසංවර්ධනය කරන ආකාරයත් මේරටේ ආරක්ෂකඅංශ බියක් සැකක් බලපෑමක් නැතුව රාජකාරි කරන්න අවශ්‍ය ආරක්ෂාව අපි ලාබාදෙනවා බුද්ධි අංශ තමයි රටක රජයට අනතු හගවන්නේ තොරතුරු ලබාදෙන්නේ බුද්ධි අංශ නිළධාරීන්ට අභුත චොදනා දමා හිරගෙවල් වල දාලා කොහොමද රටට ආරක්ෂාව ලබාදේනේ අපි නැවත ඔවුන් නිදහසේ කටයුතු කරන්න අවශ්‍ය තත්වය අපි ඇති කරනවා.මම ගිය පලාත්වලම හැස තැන්වල ජනතාවගේ මොනවද ඕනි කියලා අහපු හැම අවස්ථාවකම වාගේ ඔවුන් කිව්වේ පළමුව රට ආරක්ෂා කර දී ඊලගට ඉතුරු දේවල් කරන්න කියලයි. මේවනවිට කාන්තාවන් තමයි වැඩි පිරිසක් විවිද රක්ෂාවල් කරන්නේ ඒ අයට අවශ්‍යම දේ තමයි ආරක්ෂාව.

හැම ජනතාවකටම අවශ්‍ය වී තිබෙන්නේ තමන්ගේ ස්වාමිපුරුෂයා දරුවන් භාර්යාව රස්සාවට ගිහින්පාසැල් ගිහින් නැවත ආරක්ෂිතව නිවසට එන්න අවශ්‍ය වාතාවරනයයි තමන්ගේ ව්‍යාපාර නිදහසේ කරගෙනයාමට අවශ්‍ය ආරක්සාව ඇතිවීමයි. එකිනෙකා කෙරෙහි අවිස්වාශයක් නැතිව ජීවත් වීමට අවශ්‍ය තත්වය වැඩියෙන්ම අවශ්‍ය වී තිබේන්නේ කාන්තාවන්ටයි ඒ අය ඉල්ලනේ අපිට අපිට ආරක්ෂිත රටක් ලබාදෙන ලෙසයි ඒකකල හැක්කේ අපිට විතරක් බව මම ජනතාවට පොරොන්දු වනවා ග අපිට විතරයි ඒ පිළිබඳ අවබෝදයක් තිබෙන්නේ විදේශවල බලපෑම් වලට යටවනඒ මත දරන රණවිරුවන්ට විරුද්ද ජාතික ආරක්ෂාම ගැන හැගීමක් නැති සංවිධානවලටයටවන ඇමති මණ්ඩලයක් ඉන්න රජයකට ඒක රනරන්න පුළුවන්කමක් නෑ. යලි කවදාවත් අපේ පාලනකාලයකදී එවැනි අන්තවාදයකට ත්‍රස්තවාදයකට යලි හිස ඔසවන්න ඉඩදෙන්නෙ නැති බවද මම සහිතික වනවා. දුප්පත් කම නැති කරන ඇති නැති පරතරය නැති කරන බදු බර අඩුකරන ජාතික සැලැස්මක් අපි සකස්කර තිබෙනවා.

 විශේෂයෙන් අපි කෘෂි කර්මාන්තය හා වැවිලි කර්මාන්තය වෙනුවෙන් විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. මේ රජය කෘෂි හා වැවිලි කර්මාන්තයට අවධානයක් යොමුනොකිරීම නිසා අදවන විට දේශීය වැඩිලි කරුවා ගොවියා අසරණ වී තිබෙනවා. තේ රඉර් පොල් ගම්මිරිස් වැනි භෝග වර්ග සියල්ලතකම් අද කඩා වැටිලා අපි මේ රට යලි ආහාරවලින් සව්‍යංපෝෂිත කර පාරිභෝගිකියාගේ ආරක්ෂාව සහතිකකරන්න අපි කටයුතු කරනවා.අපි ගොවියා වෙනුවෙන් ගොවි ණය කපා හරින්න පොහොර සහනාදාරය ලබාදෙන්න ගොවින්ට හොඳ ආදායමක්  ලබා දී ඔවුන් නවීන තාකත්ෂණය ලබා දී ඔවුන්ට හොඳ ජීවන තත්වයක් ඇතිකිරීමට අපි මූලිකත්වය දී කටයුතු කරනවා අපේ ප්‍රකාශණයෙන් ඒ බව සහතිකකර තිබෙනවා.

එදා සිලෝන් ටී කිව්වම ලෝකයේ හොඳම තේ වලට තිබුනු ප්‍රථම ස්තානය අද හතරවන තත්වයට පත්වතිබෙනවා. පිටරට වලසිටි ගුනාත්මක භාවයෙන් අඩු තේ ගෙනත් අපේ තේ වලය මිශු කර පිටරට යවා අද වන විට තේ කර්මාන්තයේ වටිනාකමත් නැතිකර තිබෙනවා අපි ප්‍රමානය ගැන නෙවෙයි හිතිය යුත්තේ එහි ගුනාත්මක භාවය ගැනයි අපිට පිරටර හොඳ තේ යැවීමෙන් හොඳ මිළක් ලබා ගත හැකියි. ඒක තමයි රජයකවගකීම අපි ගුණාත්මක තේ හදන්න තේ පර්යේෂණායතනය දියුනු කරන්න කටයුතු කරනවා.  ඒ වගේම යලි සිලෝන් ටී වලට හොඳ තත්වයක් අතිකර පළමුස්තානයට ගෙනත් තේ කර්මාන්ශාලා දියුණු කර කර්මාන්ශාලා හිමියන් දිරිමතත් කර  හොද ගුණාත්මකතේ පිටරටයවා කම්කර්වන්ගේ වැටුප් සුබසාදන වැඩිකරන්න කටයුතු කල යුතුයි. අපි ඒකකරනවා ඒ වගේම අනේක් බෝල වලටද ශක්තිමත් කරන්න කටයුතු කරනවා අද ගොවීන් විශාල පිරිසක් තේ ගොවිතැරනින් ඈත්වෙලා තිබෙනවා යලි ඔවුන් දිරිමත් කරතේ වගා කරන්න අපි වැඩපිළිවෙලක් සක්ස කර තිබෙනවා.

 අපේ කාලයේ ගම්මිරිස් වලට කිබුනු උසස් තත්වය හොඳ අද වන විට විනාශ කරලා  පිටරටවල ගම්මිරිස් ගෙනත් කලවම් කර ලිටරටයවමින් ගම්මිරිස් කර්මාන්තයත් අන්න තත්වයට පත්කරලා. එදා  ඒම ගොවීන් රජයන් පසුපස නොගිහින් ඒ අයගේ ආර්ථිකය ශක්තිමත් කර ගත්තා අද ඒ ගොවීන්ද අසරණ වෙලා අපි මෙ කර්මාන්තයත් එම ගොවිනුත් යලි ශක්තිමත් කරන්න කටයුතු කරනවා අද රබර කර්මාන්තයද විනාශවෙලා අද රබර ගලවනවා පිටරටවලින් රබර ගෙන එක නතර කර රබර් කර්මාන්තයද ශත්තිමත් කරන්න කටයුතු කරනවා ව්‍යාපාරිකයින්ට බදු සහන ලබාදෙනවා අද ව්‍යාපාර කඩා වැටිලි බදු වැඩිකිරිම නිසා බදු අයකර ගන්නවත් බැරිව රටේ ආර්ථකයකඩා වැටිලා අපි අනනශ්‍ය බදු අඩුකර සරල බදු ක්‍රමයක් අතිකර වැටි බද්ද 8‍ දක්වා අඩුකර ව්‍යාපාර ශක්තිමත් කිරීමට නිෂාපදනය වැඩිකිරීමට  කටයුතු කර ආර්ථිකය වැඩිකර ගෙන රාජ්‍ය ආදායමද වැඩිකල යුතුයි.

අපි එදා ආරම්භ කල විශාල ව්‍යාපෘති සියල්ලක්ම අද  නතර කරලා තිබෙනවා. රත්නපුරට එන්න තිබුනු අධිවේලී මාර්ගයත් නතර කර තිබෙවා යලි අපි අපේ රජයක් යටතේ මේ සියල්ල ආරම්භ කරනවා.