ශ්‍රීලනිප අපේක්ෂිකාවක් මැතිවරණ නීති කඩලා / කොමිසමට පැමිණිල්ලක්

2018 පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති බැවින් 2018.11.28 දින සිට ක්‍රියාත්මක වන පරිදි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් නිකුත් කර ඇති LAE/2018/4B චක්‍රලේඛය අනුව ඡන්ද අපේක්ෂකයින්ට ප්‍රවර්ධනයක් වන පරිදි රාජ්‍ය සම්පත් යොදාගැනීම තහනම් කර ඇත.

කෙසේ නමුත් එම චක්‍රලේඛය උල්ලංඝණය කරමින් මීරිගම ප්‍රාදේශීය සභාවේ මඩබාවිට කොට්ඨාශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂිකා සඳමාලි හපුසිංහ මහත්මිය සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරමින් සිටින බවට මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය විසින් ගම්පහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිඛිතව පැමිණිලි කර තිබේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රාජ්‍ය නිලධාරීන් හා රජයේ පාසලක් යොදා ගනිමින් සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු ප්‍රවර්ධනය වන පරිදි කටයුතු කරමින් සිටින බවට එම මැතිවරණ නිරීක්ෂණ ජාලය වැඩිදුරටත් පැමිණිලි කර ඇත.

එහි ප්‍රධාන විධායක නීතීඥ උදිත ගුණසේකර මහතාගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනය පහතින් පළ වේ.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish