දිනන අපේක්ෂකයා ගැන සමාජ මාධ්‍ය මත විමසුම් බොරු

විවිධ අපේක්ෂකයින් ජනාධිපතිවරණයෙන් ජය ලබන බව පවසා බුද්ධි අංශ වාර්තා ලෙස සමාජ මාධ්‍ය තුල ප්‍රචාරය කරන තොරතුරු අසත්‍ය බව අනාවරණවී තිඛෙනවා.
ඒ අනුව ජනාධිපතිවරණය ජය ලබන අපේක්ෂකයා කරෙක්ද යන්න සහිත එක් බුද්ධි අංශ වාර්තාවක් පමණක් ජනාධිපතිවරයා වෙත ලබාදී ඇති බවයි නවතම වාර්තා අනාවරණ කරනු ලබන්නේ.
එම තොරතුරු වලට අනුව සමාජ මාධ්‍ය තුල පවතින වාර්තාවල සදහන් අපේක්ෂකයා පසුපසින් රැදී සිටින බව අදාළ වාර්තා හෙළිකරනවා.
ජනතාවට ජන්ද විමසීමේදී සිය මතය ප්‍රකාශ කිරීමේ අයිතියට මානසිකව බලපෑම් කිරීමේ අරමුණින් සමාජ මාධ්‍ය තුල මෙම ව්‍යාජ ප්‍රචාර ක්‍රියාත්මක වන බවද එම වාර්තා තුල සදහන්.