රෝයල් පාර්ක් ඝාතකයාට ජනපති සමාවක් දීම ජාත්‍යන්තරයේ අවධානයට

රෝයල් පාර්ක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුව මරණ දඩුවම නියමවූ පුද්ගලයාට ජනාධිපතිවරයා විසින් ජනපතා සමාවක් ලබාදීම ජාත්‍යන්තර මාධ්‍ය විසින් ද විශේෂ අවධානයක් යොමුකර වාර්තාකරනු ලැබ තිඛෙනවා.
ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේ හිස් කබල කොටස් 64කට හානිවන පරිදි ස්වීඩන ජාතික තරුණියක ඝාතනය කළ අපරාධකරුට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් සමාව ලබාදී ඇති බවයි.
2005 වසරේදී සිදුවූ මෙම අමානුෂික අපරාධය සම්බන්ධයෙන් වරදකරුවූ ජූඩ් ජයමහා නැමැත්තා වසර 12ක් බන්ධනාගාරගතව පසුවුණා.
ඔහු විසින් සිය දඩුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළද එය ප්‍රතික්ෂේප කිරීමටයි අධිකරණය කටයුතු කළේ.
මෙම අයහපත් ආදර්ශය සමග මරණ දඩුවම නියමවී සිටින මාධ්‍ය ආයතන හා සම්බන්ධ අයකුටද ජනපති සමාවක් ලබාදීමේ පෙර සලකුණු පෙන්නුම් කරන බවද මෙම වාර්තාවල දැක්වෙනවා.