මෛත්‍රීගේ කොමිසමෙන් මෛත්‍රීටත් රනිල්ටත් අපරාධ චෝදනා

Sri Lanka

2019 අපේ‍්‍රල් මාසයේ එල්ලවූ පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාර පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශයන්ට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ සහ යහපාලන ආණ්ඩුවේ වගකිවයුතු තනතුරු දැරූ දේශපාලනඥයන් සහ නිලධාරීන්ට එරෙහිව අපරාධ චෝදනා මත පියවර ගැනීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත්පත අනාවරණ කරනවා.
හිටපු ජනාධිපතිවරයාට / හිටපු අග්‍රාමාත්‍යවරයාට අමතරව එවක ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, එවක පොලිස් ප්‍රධානී පුජිත් ජයසුන්දර සහ ජාතික බුද්ධි අංශ ප්‍රධානී ලෙස කටයුතු කළ සිසිර මෙන්ඩිස් මහතාටද අපරාධ චෝදනා ගොනු කරන ලෙස කොමිසම නිර්දේශ කර ඇති බවයි එම වාර්තා පවසන්නේ.
ඒ පූර්ව අනතුරු ඇඟවීම් නොතකා හරිමින් ප්‍රහාර වැළැක්වීමට අපොහොසත් වූවන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමේ පදනම මතයි.
කිතුනු දේවස්ථාන සහ සුපිරි හෝටල් ඉලක්ක කරගත් ප්‍රහාරයෙන් පුද්ගලයින් 270 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා.

මෙම ජනාධිපති කොමිසම පත් කරනු ලැබුවේද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්ම වීම විශේෂත්වයක්.



Lanka A News

82180

ආසාදිතයන්

77625

සුවය ලැබූ

4096

ප්‍රතිකාර ලබන

464

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *