
විකල්ප අංක 1 සහ විකල්ප අංක 2 යටතේ විදුලි කප්පාදුව සිදු නොකරන ලෙසට මහජන උපයෝගීතා කොමිසම සිදුකළ ඉල්ලීම ඉටුකළ නොහැකි බව විදුලි බල මණ්ඩලය දැනුම් දී තිබෙනවා.
මහජන උපයෝගීතා කොමිසම ඉදිරිපත් කර තිබූ ලිපියට ප්රතිචාර දක්වමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලිපියක් මගින් දන්වා ඇත්තේ එලෙස විදුලි කප්පාදුව අත්හිටුවීමට නම් තාප විදුලි බලාගාර ක්රියාත්මක කළ යුතුව ඇති බවයි.
විකල්ප අංක 1 ක්රියාත්මක කිරීම සදහා ශ්රී ලංකා රුපියල් බිලියන 4.1ක අතිරේක මුදලක් වැය කිරීමට සිදුවන බවද විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා දැනුම් දී තිබෙනවා.
විකල්ප අංක 2 සදහා රුපියල් බිලියන 2.4 ක මුදලක් වැය වන බවට ඇස්තමේන්තු කර තිබෙනවා. මේ සදහා සිපෙට්කෝ ආයතනය හෝ බැංකු මගින් ණය පහසුකම් ලබා නොදීම නිසා විදුලි කප්පාදුව අත්හිටුවීමට නොහැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.