වතුරේ නගරය වැනීසියත් ජලයෙන් යටවෙයි

වසර 50කට පසුව වැනිස් නුවරට බලපෑ දරුණුතම උදම් රළ තත්ත්වය නිසා ඉතාලියේ වැනිස් නගරයේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය ජනප්‍රිය ශාන්ත මාර්ක්ස් චතුරස්‍රයට හා ශාන්ත මාර්ක්ස් බැසිලිකාව ද බලපා ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉතාලියේ වැනිසිය වෙත බලපෑ දැවැන්ත උදම් රළ හේතුවෙන් ආපදා තත්ත්වයක් මතු වූ බවයි. මේ උදම් රළ උස අඩි 6 ඉක්මවන බව ඉතාලි පුවත්වල සඳහන් . උදම් රළ හේතුවෙන් වැනිස් පුරවරය වෙත ආපදා අවදානම් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට වැනිස් බලධාරීන් කටයුතු කර තිබෙනවා.

මේ තත්ත්වය සැලකෙන්නේ වසර 1 200කින් එම පළාතට බලපෑ හයවැනි ගංවතුර තත්ත්වය ලෙසයි.