නිදහස් උත්සවයට ගිය සිවිල් ආරක්ෂක බලකා සෙබළුන් 06කට කොරෝනා

Sri Lanka

ගල්කිරියාගම සිවිල් ආරක්ෂක බලකා පුහුණු පාසලේ නිරෝධායනය වෙමින් සිටි සෙබළුන් 06 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගෙන තිඛෙනවා.

තවත් සෙබළුන් 50කට පමණ කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නරේන්ද්‍ර ප්‍රේමරත්න පවසයි.

පසුගිය 04 වනදා පැවති 73 වන ජාතික නිදහස් උත්සවයට එක්වූ සෙබළුන් 06 දෙනෙකුට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි වෛද්‍ය නරේන්ද්‍ර ප්‍රේමරත්න මහතා සදහන් කළේ.

ගල්කිරියාගම සිවිල් ආරක්ෂක බලකා පුහුණු පාසලේ නිරෝධායනය වෙමින් සිටි සෙබළුන් 140 දෙනෙකු අතරින් සෙබළුන් 07 දෙනෙකු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ දඹුල්ල රෝහලට ඇතුලත් කර තිඛේ.

එහිදී සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවලදී සෙබළුන් 06 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇත.

මේ අතර එම කදවුරේ නිරෝධායනය වෙමින් සිටි තවත් සෙබළුන් 10 දෙනෙකු හදිසියේ ඇති වූ හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් අනුරාධපුර සහ දඹුල්ල රොහල් වෙත යොමු කර ඇති බව ද පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නරේන්ද්‍ර ප්‍රේමරත්න පවසයි.

රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් සෙබළුන් 50 දෙනෙකුට පී.සී.ආර් පරීක්ෂණ සිදුකර තිඛේ.

කුෂාන් ජයවර්ධන


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83094

ආසාදිතයන්

78947

සුවය ලැබූ

3683

ප්‍රතිකාර ලබන

471

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *