පුත්තලමේ තනි දළයාත් වෙඩි තබා මරලා / බලධාරීන් නිදි

පුත්තලම සෙල්ලන්කන්දල් රක්ෂිතය තුළදි තනි දළයා නමින් ප්‍රකටව සිටි ඇතා ඝාතනය කර ඇති බව අනාවරණවී තිඛෙනවා.
තනි දළකින් පමණක් සන්නද්ධව සිටි තනි දළයා පසුගිය කාලය පුරාම කල්අඩිය රජයේ තේක්ක රක්ෂිතය තුළ සැරිසැරූ අතර මෙම හස්තියා වයස අවුරුදු තිහකට වැඩි බවත් උස අඩි නවයකට ආසන්න බවද ජාන වල පැවති යම් හේතුවක් නිසා උපතේදිම තින දළකට පමණක් උරුමකම් කියා ඇති බව වන ජීවි නිළධාරින් සදහන් කරනවා.
තනි දළයාගේ දළ අඩි තුනකට ආසන්න ප්‍රමාණයකින් වැඩි තිබුණා.
ගවයින්ට තණ කැවිම සදහා ගිය කිරි ගොවියකු තනි දළයා මරණයට පත්ව ඇති ආකාරය දැක වන ජීවි නිළධාරින් දැනුවත් කර තිබු අතර වන ජීවි නිළධාරින් තනි දළයාගේ සිරුර සොයා ගන්නා අවස්ථාවෙදි සිරුරේ වෙඩි පහර කිපයක් පවතින බවයි හදුනාගෙන ඇත්තේ.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish