හරීන් / මංගල / අජිත් පී ඇමති ධූර අතහරී

ජනවරමට ගරු කරමින් තමන් ක්‍රීඩා, විදුලි සංදේශ හා විදේශ රැකියා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ටිවිටර් පණිඩුවයක් නිකුත් කරමින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, තමා එක්සත් ජාතික පක්ෂයේ දැරූ තනතුරුවලින් ද ඉල්ලා අස්වන බවයි.

තමාට සහය දැක්වූ සියලුදෙනාට ස්තුතිය පළ කරන බවත්, යහපත් කාර්යයන් අඛණ්ඩව සිදුකරන බවත් හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

මේ අතර තමා මුදල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

මේ අතර ජනවරමට ගරු කරමින් තමා ද කැබිනට් නොවන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ බව අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.