ෆවුසි මන්ත්‍රී ධූරයෙන් නෙරපන්න ශ්‍රීලනිපයෙන් තීරණයක්

නිදහස් සන්ධානයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

ඒ අනුව ෆවුසි මහතා මන්ත්‍රීධුරයෙන් ඉවත් කිරීමට ගත් තීරණය පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට  ලිපියක් මගින් දැනුම් දීමට ද මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ලැබී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයට සහය දැක්වීමට එක්වූ ෆවුසි මහතාට එරෙහිව පැවැත්වූ විනය පරීක්ෂණයෙන් පසුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

2811

ආසාදිතයන්

2333

සුවය ලැබූ

467

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :