මන්ත්‍රීනී ශ්‍රීයානි මහින්ද අතහැර මෛත්‍රී සෙවණට

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දිගාමඬුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශ්‍රියානී විජේවික්‍රම මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට එක්ව තිඛෙනවා.

ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමූ වූ ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ සමඟ එක්වෙමින් ඉදිරි දේශපාලන කටයුතුවල නිරතවන බවයි සදහන් කළේ.

මේ අතර දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබඳ ද මෙහි දී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ අතර එහි ජනතාව වෙනුවෙන් එම සංවර්ධන වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට ලබාදිය හැකි සියලු සහාය ලබාදෙන බව ජනාධිපතිවරයා සදහන් කර තිඛෙනවා.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.