
අ.පො.ස උසස්පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙසට කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළා.
මේ අතර මෙම මහ කන්නය හා ඉදිරි යල කන්නයේ අවශ්‍යතා පිළිබද සළකා බලා විදුලිය සදහා සාමාන්‍ය පරිදි ජලය නිකුත් කිරීමට තීරණය කළ බව මහවැලි අධිකාරිය දැනුම් දෙනවා.
අපොස උසස්පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු වග උත්තරකරුවන් වෙත නිකුත් කරන්නැයි ඉල්ලමින් ගොනුකළ පෙත්සම අද දිනයේද ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනුණා.
ඒ අනුවයි අදාළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේ. ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය ප්‍රකාශයට පත්කළා.
ශ්‍රීලංකා මානව හිමිකම් කොමිසම ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශ්ව කිහිපයකට එරෙහිව ගොනුකළ පෙත්සම අද දිනට සලකා බැලීම අවසන් වූ අවස්ථාවේදී ශ්‍රීලංකා මානව හිමිකම් කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් අද දින විදුලි කප්පාදු නොකරන බවට විදුලිබල මණ්ඩලය අධිකරණයට ඊයේ ලබාදුන් ප්‍රතිඥාව දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටියා.
විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා එම ඉල්ලීමට විරෝධය පළකලා. එහිදී නඩු ගොනුව පරික්ෂා කළ විනිසුරු ගාමිණී අමරසේකර මහතා අදාළ ප්‍රතිඥාව ලබා දී තිබෙන්නේ අද දින පෙත්සම සලකා බලන අවස්ථාව තෙක් පමණක් බව පෙන්වා දුන්නා.
ඉන් අනතුරුව අපොස උසස්පෙළ විභාගය පවත්වන කාලසීමාව තුළ විදුලි කප්පාදු කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කළ පෙත්සමෙන් කර ඇති ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරු මඩුල්ල සදහන් කළා.
ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම සලකා බැලීම ලබන 7 වනදා තෙක් කල්තැබුණා. අද දහවල් පැමිණිල්ල සලකා බැලිම සදහා කැදවූ අවස්ථාවේදී මානව හිමිකම් කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් උසස්පෙළ විභාගය පැවැත්වෙන ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා විදුලි කප්පාදුවක් නොකරන බවට විදුලිබල මණ්ඩලය දුන් ප්‍රතිඥාව උල්ලංඝනය කර ඇති බවට චෝදනා කළා.
ඒ තුළින් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා මානව හිමිකම් කොමිසමේ අධිකාරි බලයට අගෞරව කොට අපහාසයක් සිදුකර ඇතිබව ජනාධිපති නීතීඥවරයා කියා සිටියා.
එහිදි විනිසුරු මඩුල්ලේ සභාපති ගාමිණී අමරසේකර මහතා විවෘත අධිකරණයේ කරුණු දක්වමින් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජිතයන් විදුලි කප්පාදුවක් නොකරන බවට මානව හිමිකම් කොමිසම හමුවේ එකගතාව පළකර ඇත්තේ එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ඉදිරියේදී ලබා ගැනීමේ අනුමැතියට යටත්ව බව ප්‍රකාශ කළා.
එසේ තිබියදී සභාපතිවරයාට පමණක් දඩුවම් පමුණුවන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ විනිසුරුවරයා මේ පිළිබදව මුලින්ම අධිකරණය කරුණු පැහැදිලි කරගත යුතු බවත් සදහන් කළා.
නඩු විභාගය අතරතුරදී උසස්පෙළ විභාගය පැවැත්වෙන සමයේ සිදුවන විදුලි කප්පාදුව පිළිබදව ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා කරුණු පැහැදිලි කළා. එහිදී විනිසුරු ගාමිණී අමරසේකර මහතා ප්‍රශ්නයක් යොමුකරමින් වගඋත්තරකරුවන්ට එරෙහිව අපහාස චෝදනා එල්ලකරන අතරවාරයේ ඔවුන්ගෙන් සහනයක් අපේක්ෂා කරන්නේ කෙසේදැයි ජනාධිපති නීතීඥවරයා නියෝග කළා.
බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සහ නිතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කණිෂ්කා ද සිල්වා මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මානව හිමිකම් කොමිසමට විධානයක් නිකුත් කිරීමට බලයක් නැති බව කියා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.
මේ අතර මහ කන්නයේ සහ ඉදිරි යල කන්නයේ අවශ්‍යතා පිළිබද සළකා බලමින් ජල විදුලිය සදහා සාමාන්‍ය පරිදි ජලය නිකුත් කිරීමට තීරණය කළ බව මහවැලි අධිකාරිය දැනුම් දෙනවා.
එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු ඩී එම් එන් ජේ ධනපාල මහතා මේ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා. පසුගිය මස 30 හා 31 යන දෙදින තුළ විදුලිබල නිෂ්පාදනය සදහා අමතර ජලය නිකුත් කිරීමට පියවර ගැනුණේ 31 වනදා සිට ඊයේ දිනය දක්වා සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබෙන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කළ අනාවැකියට අනුව බවයි එම ලිපියේ දැක්වෙන්නේ.
එහෙත් එම දිනවල සැළකිය යුතු වර්ෂාපතනයක් නොලැබීම හේතුවෙන් අතිරික්ත ජලය නොමැති බැවින් මහ කන්නය හා යල කන්නය සදහා අවශ්‍ය වාරි ජලය පානීය ජලය මෙන්ම ගොවිපොළවලට අවශ්‍ය ජලය පිළිබද සැළකිලිමත්වීමෙන් පසු ජල විදුලි නිෂ්පාදනය සදහා ජලය නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.
මේ වන විට මහවැලි ගග හා සම්බන්ධ ජල විදුලි නිෂ්පාදනය සදහා යොදා ගන්නා ජලාශවල සියයට හැත්තෑ තුනක් පමණ ජලය පවතිනවා.
එහෙත් ජල විදුලි නිෂ්පාදනයට යොදා ගත හැකි ජලය ඇත්තේ සියයට පනහක් බව මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා යොමු කළ ලිපියේ දැක්වෙනවා. මහවැලි ජල පාලන ලේකම් කාර්යාලය මගින් කළමනාකරණය කරන මහවැලි අධිකාරියට සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල මෙන්ම වැව්වල සියයට හැත්තෑ තුනක පමණ ජලය මේ වන විට පවතිනවා.
ඉන් සියයට හැටහතරක් පමණ ප්‍රයෝජනයට ගත හැකි බවයි මහවැලි අධිකාරිය ප්‍රකාශ කළේ.
මෙවර යල කන්නය ලබන මස 15 වනදා ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ වන විට සමස්ත ජල ප්‍රමාණය සියයට අසූපහක් දක්වා වර්ධනය කළ යුතු වනවා.
මෙවර මහ කන්නයේ වර්ෂාපතනය පෙර වසරවල ට වඩා අඩුවෙන් ලැබී ඇති බවයි මහවැලි අධිකාරිය ප්‍රකාශ කළේ.
මේ අත ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ඊයේ රාත්‍රියේ සිට අක්‍රිය කිරීමේ අවදානමක පැවති කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයට නැප්තා ඉන්ධන ලීටර් මිලියන එකයි දශම තුනක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලබා දී තිබෙනවා.
එය අද දිනයට පමණක් ප්‍රමාණවත් වන බවයි බලාගාරයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ.