හැටන් හී තවත් පාසල් සිසුවකුට කොරෝනා

Sri Lanka

හැටන් ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබමින් සිටි 14 හැවිරිදි සිසුවෙකු පාසල් වේලාව තුළදී සිහිසුන්ව ඇද වැටීම නිසා ඔහුව දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.

රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එම සිසුවාට කළ ඇන්ටිජන් පරීක්ෂණයකින් ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන ඇත.

ඉගෙනුම ලැබු පංති කාමරයේ සිටි සිසුන් 37 දෙනෙක්, ගුරුවරුන් 14 දෙනෙක් ඇතුළු පිරිසක් නිරෝධායනයට යොමු කර පාසල් පරිශ්‍රය විෂබීජහරණය කිරීමට පියවර ගත් බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කරයි.

මෙම පාසල් සිසුවාගේ මවට ද කොවිඩ් ආසාදනය වී ඇති බව පසුව සිදුකර තිබූ ඇන්ටිජන් පරීක්ෂණයකින් හඳුනාගෙන තිබේ.

Lanka A News

79999

ආසාදිතයන්

74299

සුවය ලැබූ

5255

ප්‍රතිකාර ලබන

445

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *