දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවවාක් බවට පත් කර තිබිම හේතුවෙන් අද දිනය තුල සේවයට වාර්තා නොකරන සේවකයන්ගේ රැකියා අහිමි වන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

හෙට (12) ආරම්භ කිරිමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට‍ පෙනි සිටින දරුවන්ගේ ගමන් පහසුව සම්බන්ධයෙන් අවධානය‍ යොමු කොට සේවයට වාර්තා කරන්නැයි ඉල්ලා සිටින බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අඛේසිංහ මහතා සදහන් කළේ.

මේ වන විට දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට නම් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබා තිඛෙනවා.

මේ අතර දුම්රිය රියදුරන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් ඊයේ (10) වන විටත් ක්‍රියාත්මක වන අතර මේ හේතුවෙන් ඊයේ දිනයේ ද දැඩි ප්‍රවාහන ගැටලු මතුව තිබුණා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.