ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඇත්දළ යුගල සම්බන්ධයෙන් වූ ගනුදෙනුව සිදුවූ පොල්පිතිගම නාගල රජ මහා විහාරයේ විහාරාධිපති තමාව අත්අඩංගුවට ගැනීමට ඇති ඉඩකඩ වළකාලමින් මහව මහෙස්ත්‍රාත් අධිකරණයේ අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රත් ඉදිරිපත් කර තිබේ.

ඉකුත් 8 වැනි දින නීතිඥවරුන් මාර්ගයෙන් මෙම අපේක්ෂිත ඇප අයැදුම්පත ඉදිරිපත් කර ඇති බවද සඳහන් වේ.
ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඝාතනය සම්බන්ධයෙන් එම විහාරාධිපති හිමියන්ගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින අවස්ථාවක එම හිමියෝ මෙලෙස අපේක්ෂිත ඇප අයැදුම්පතක් ඉදිරිපත් කර ඇත.

සතියකට අධික කාලයක් නාගල රජ මහා විහාරයේ විහාරාධිපති හිමියෝ අතුරුදන්ව සිට ඇති අතර එම නිසා එම හිමියන්ගෙන් ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රකාශ සටහන් කර ගැනීමටද නොහැකි වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

දළ පූට්ටුවාගේ ඝාතනය සහ ඇත්දළ ගනුදෙනුව සම්බන්ධයෙන් මේ වනවිට එම විහාරාධිපතිගේ නිත්‍ය රියැදුරු සහ සමීපතයකු වූ හේරත්ගම ග්‍රාම සේවකවරයා රක්ෂිත බන්ධනාගාර ගත වී සිටිති.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.