සිරියානු සරණාගතයින් පිරිසක් ලෙබනන හමුදා භාරයට

සිරියා සරණාගතයන් 34 දෙනෙකු රැගත් බෝට්ටුවක් ලෙබනන හමුදා භාරයට ගෙන තිබෙනවා.
උතුරු ටි්රපොලි නගරයේදී හමුදා භාරයට ගත් එම බෝට්ටුවේ රැඳීසිටි ලෙබනන ජාතිකයෙකු ද අත්අඩංගුවට ගත් බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. ඔවුන්ගේ ගමනාන්තය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් හෙළිව නැහැ. සරණාගතයන් මෙලෙස තුර්කිය සහ සයිප්‍රසය හරහා යුරෝපයට සංක්රමණයවීම වැඩිවී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වාදෙන්නේ.
