විදෙස්ගත වන ශ්‍රමිකයින්ගෙන් අයකරන ගාස්තු පහළට

විදේශ රැකියා සදහා විදෙස්ගතවන ශ්‍රමිකයින්ගෙන් අයකරන ගාස්තු පහළ දමා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

එම කාර්යංශය සදහන් කළේ විදෙස් රැකියා සඳහා ලියාපදිංචි වීමේ ගාස්තුව රුපියල් 16 416 ක් දක්වා පහළ දමා ඇති බවයි.

මීට පෙර අය කළ ගාස්තු මුදල රුපියල් 17 837ක් වේ.

ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තුව මීට පෙර රුපියල් 3755ක් ලෙස පැවැති අතර, නව ගාස්තු මුදල වන්නේ රුපියල් 3456 කි.

2811

ආසාදිතයන්

2333

සුවය ලැබූ

467

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :