මිසයිල කොටස් ඇති බෝට්ටුවක් අමෙරිකානු අත්අඩංගුවට

මිසයිල කොටස් සහිත බෝට්ටුවක් අත්අඩංගුවට ගත් බව ඇමරිකා නාවික හමුදාව ප‍්‍රකාශ කළා.

ඒ අරාබි මුහුදේ රඳවා තිබියදී. සෝදිසි මෙහෙයුම්වල නිරත ඇමරිකා යුද නෞකාවක් එය නිරීක්ෂණය කර තිබෙනවා. බෝට්ටුව ඉරානයට අයත් බවටයි මේ වනවිට තහවුරු වීී තිබෙන්නේ. විශේෂ විමර්ශනයක්ද ඔවුන් ආරම්භ කළා.

එම වැඩිදියුණු කළ මිසයිල කොටස් රැගෙන යාම සම්බන්ධයෙන් තොරතුරු ගණනාවක් හෙළි වී ඇති බවත් ආරක්ෂක අංශ පෙන්වා දුන්නා. යේමනයේ කැරලිකරුවන්ට අවිආයුධ භාරදීමයි ඔවුන්ගේ අරමුණ වී තිබෙන්නේ. වෙනත් රටකට හෝ සංවිධානයකට මිසයිල අලෙවි කිරීමට නොහැකිවන පරිදි ඉරානයට තහනමක් ද පනවා තිබෙනවා.