රජය නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම අනවශ්‍ය වැඩක් – ඇමැති දයාසිරි

Sri Lanka

තවත් දවස් හතක් නිවසේ සිට නිරෝධයනය වීමට සෞඛ්‍ය උපදෙස් ලැබී ඇතැයි බතික් හා අත් යන්ත්‍ර ඇමැති දයාසිරි ජයසේකර පවසනවා.

‘‘මේ නිරෝධායන වියදම ආණ්ඩුවට දරන්න බැහැ. විශාල වියදමක් දරමින් නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යනවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙවෙයි.

දැන් මං හිටපු කොග්ගල මධ්‍යස්ථානයේත් හිටියා කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළ අයත්. ඒ අයටත් කෑමට බීමට වගේම අනෙකුත් දේ වෙනුවෙන් ආණ්ඩුව ගෙවන්න ඕනේ.

අපේ එකේ නම් අපි හිටියේ මුදල් ගෙවලා. ඒත් රජය විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන කියන්නේ සම්පූර්ණයෙන්ම අනවශ්‍ය වැඩක්. මම නම් යෝජනා කරන්නේ නිවෙස්වලම මේ අයට නිරෝධායනය වෙන්න අවස්ථාව දෙන්න කියලා.

සිරස්තල යොදමින් ප්‍රවෘත්තිවල මේවා ප්‍රචාරය කරන එක නතර කළ යුතුයි. මාධ්‍යවලින් විය යුත්තේ උණ, හිසරදය, කැස්ස, ඇඟපත වේදනාව, සෙම්ප්‍රතිශ්‍යාව සහ කට තිත්ත ගතියක් ඇත්නම් එවැනි අයට නිවෙස්වල නිරෝධායනය වෙමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දෙන්න කියන එකයි. ඒක සිදු නොකර දවස ගානේ අච්චර ලෙඩ්ඩු හමු වුණා, මෙච්චර හමුවුණා කියමින් හෙඩ්ලයින් දැමීම සත පහකට වැඩක් නැහැ.

Lanka A News

79999

ආසාදිතයන්

74299

සුවය ලැබූ

5255

ප්‍රතිකාර ලබන

445

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *