ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය යළි සී අයි ඩී යට

කොළඹදී පැහැර ගෙන තර්ජනය කළ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික නිලධාරිනිය වන ගානියා වැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මියට අද යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දින තුනකදී ඇයගෙන් ප්‍රකාශ සටහන් කර ගනු ලැබූ අතර ඒ  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් අවසරයකට අනුවයි.

අදාළ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් අද අධිකරණය දැනුවත් කිරීමටද නියමිතව තිබෙනවා.

 

2154

ආසාදිතයන්

1979

සුවය ලැබූ

164

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :