සිව්දරු පියකුට අමානුෂික ලෙස පහරදී සැගවී සිටින ජීවන් තොන්ඩාමන් හෙවත් ලංකා වතු කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොන්ඩාමාන් මහතාගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීමට හැටන් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මහතා නියෝග කර තිඛෙනවා.

ඒ සිව්දරු පියකුට අමානුෂික ලෙස පහරදී බරපතල තුවාල සිදුකිරීමට අදාළවයි.

මස් කෙලිය සාමිමලේ වතුයායේ අවමඟුල් නිවසකට ගිය අවස්තාවේ මධම පළාත් දෙමළ අධ්‍යාපන හා කෘෂිකර්ම අමාත්‍ය මරුද පාන්ඩි රමේෂ් / අඹගමුව ප්‍රා. සභාවේ හිටපු සභාපති වෙල්ලයන් දිනේෂ් සහ තවත් දෙදනකු සමග එක්ව සැකකරු මෙම පහරදීම සිදුකර තිඛෙනවා.

අද උදෑසන සැකකරුවන් හතරදෙනකු අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා ඉදිරියට පැමිණවීමෙන් අනතුරුව එක් අයකු රු. ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත නිදහස් කෙරුණු අතර තොණ්ඩමන් මහතාගේ පුත්‍රයා පමණක් අධිකරණය මග හැර සිටිනවා.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.