

ගතවූ පැය 24 තුල වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා.
එම සංඛ්‍යාව 245 ක්.
කොළඹ කොටුවෙන් ආසාදිතයන් 25 ක් , බොරැල්ලෙන් 22 ක් , වැල්ලම්පිටියෙන් 17 ක් , ගල්කිස්ස හා මට්ටක්කුලියෙන් 16 බැගින් හා නවගමුවෙන් ආසාදිතයන් 13ක් හදුනා ගැණුනා.
ගොතටුව 12, කහතුඩුව 10 ක් හා මොරටුවෙන් ආසාදිතයන් 9ක් සොයාගෙන තිබෙනවා.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 214 ක්.
ඉන් 51 ක් මිනුවන්ගොඩින් වාර්තා වුණා.
රත්නපුරයෙන් ආසාදිතයන් 53 ක්, කළුතරින් 49 ක්, කුරුණෑගලින් 41 ක් හා මහනුවරින් ආසාදිතයන් 40ක් ද සොයාගෙන තිබුණා.
79999
ආසාදිතයන්
74299
සුවය ලැබූ
5255
ප්‍රතිකාර ලබන
445