වෛද්‍ය සාෆි ෂිහබ්දීන් ගැන යළි විමර්ෂණ

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ෂිහබ්දීන්ට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නව කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.  ඒ බව අධිකරණය  හමුවේ ප්‍රකාශ කෙරුණා.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ෂිහබ්දීන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද කැදවනු ලැබුවා. එහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ මෙම වෛද්‍යවරයාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් තම දෙපාර්තමේන්තුවේ නව කණ්ඩායමක් පරික්ෂණ ආරම්භ කර ඇති බවයි. සිද්ධියට අදාළව යළි සාක්ෂි සටහන් කර ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට අධිකරණය අවසර ලබාදුන්නා. මව්වරුන් වද භාවයට පත් කිරීම සහ අයථා ලෙස වත්කම් ඉපැයූ බවටයි සාෆි සිහබ්දීන් වෛද්‍යවරයාට චෝදනා එල්ලවී ඇත්තේ. ඊට අදාළව ගොනුකර ඇති නඩුව අද කැදවීමෙන් පසු  එම නඩුව යළි ලබන 16 වනදා කැදවීමට කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා නියෝග කළා