ජිනීවා හී ලංකාවේ යෝජනාව කල් දමන්න ඉල්ලීමක්

ලබන මාර්තු මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවන නිසා මේ වසරේ එක්සත් ජාතීන්ගේ ජිනීවා සමුළුවේ ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනා කල් දමන ලෙස එ.ජා. මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටීමට රජය සැලසුම් කරමින් සිටින බවට තොරතුරු වාර්තාවනවා.

එ.ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව සලකා බැලීමට නියමිතව ඇත්තේ ලබන මාර්තු මාසයේ සැසිවාරයේදීයි.

නව රජයට මෙහිදී චෝදනා එල්ල කිරීමට දැනටමත් කොටි ඩයස්පෝරාව සැලසුම් කර ඇතැයි ජිනීවා නුවරින් ලැබෙන ආරංචි මාර්ග අනාවරණ කර තිබුණා.

මැතිසබය ලබන මාර්තු මස මුලදී විසුරුවා හැරෙන නිසා නීත්‍යානුකූලව ආණ්ඩුවක් පත්වන තුරු භාරකාර ආණ්ඩුවකට ජිනීවා යෝජනා ගැන තීන්දුවක් ගත නොහැකි බැවින් එම යෝජනාව ඊළඟ සැසිවාරය තෙක් කල් දමන ලෙස රජය ඉල්ලා සිටිනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු අනාවරණ කර තිබෙනවා.

2838

ආසාදිතයන්

2537

සුවය ලැබූ

290

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :